ගිනිඅවි අලුත් කරන්න තව කල් දෙයි

2021 වර්ෂයට අදාළ ගිනිඅවි බලපත්‍ර අලු‍ත් කිරිමේ කාල සීමාව දීර්ඝ කිරීමට ආරක්‍ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඒ අනුව පෙබරවාරි මස 28 වැනිදා තෙක් ගිනිඅවි බලපත්‍ර අලු‍ත් කිරීමට ලබා දී තිබූ කාලය මැයි මස 31 වැනිදා දක්වා මෙසේ දීර්ඝ කර තිබේ. පවතින කොවිඩ් වසංගත තත්ත්වය මත එම පියවර ගත් බවත් කිසිදු දඩ මුදලක් ගෙවීමකින් තොරව අදාළ කාලසීමාවේදී ගිනිඅවි බලපත්‍ර අලු‍ත් කිරීමට හැකියාව ඇති බවත් ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.