දකුණට කුඩු බෙදූ ‘හයිබ්‍රිඩ් සුරංග’ මිරිස්සේදී මාට්ටු

දකුණේ ප්‍රබල පාතාල කල්ලියක සාමාජිකයකු බව කියන හයිබ්‍රිඩ් සුරංග නොහොත් කැප්පෙටිගොඩගේ විරාජිත නමත්තා ඊයේ (2දා) උදෑසන මිරිස්ස ප්‍රදේශයේ සංචාරක නිකේතනයක නවාතැන් ගෙන සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. ගාල්ල අක්මීමන විශේෂ කාර්ය බළකායේ නිලධාරින්ට ලැබණුූ තොරතුරක් අනුව සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී සැකකරු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
දකුණු පළාතේ මත්ද්‍රව්‍ය බෙදා හරින ප්‍රධාන නියෝජිතයකු ලෙස කටයුතු කරන මොහු දකුණේ ප්‍රබල පාතාල කල්ලියක සාමාජිකයකු බවට හඳුනාගෙන ඇත. හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 5ක්, අයිස් මත්කුඩු ග්‍රෑම් 15ක් , අත්විලංගු ජෝඩුවක්, කුඩු ජාවාරමෙන් උපයා ගත් රුපියල් 54840 ක් සහ හයිබි්‍රඩ් ඇක්වා මෝටර් රථයක්ද විශේෂ කාර්ය බළකායේ නිලධාරින් විසින් මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.