එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලිය – 2021 ජැෆ්නා – ගෝල් – කළම්බු සහ දඹුල්ල අවසන් පූර්ව වටයට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ (එල්පීඑල්) ඊයේ (17දා) පැවැති තරග වලදී ගෝල් ග්ලැඩියේටර්ස්
(Galle Gliators) කණ්ඩායම ඉදිරියේ ජැෆ්නා කිංස් (Jaffna Kings) කණ්ඩායම ලකුණු 20කින් පරාජය වූ
අතර කළම්බු ස්ටාර්ස් (Colombo Stars) කණ්ඩායම හමුවේ කැන්ඩි වොරියර්ස් (Kandy Warriors)
කණ්ඩායම ලකුණු 58කින් පරාජයට පත්විය.
ඒ අනුව තරගාවලියේ පළමු වටය ඊයේ අවසන් වන විට ජැෆ්නා කිංස් (Jaffna Kings), ගෝල්
ග්ලැඩියේටර්ස් (Galle Gliators) , කළම්බු ස්ටාර්ස් (Colombo Stars) සහ දඹුල්ල ජයන්ට්ස් (Dambulla
Giants) යන කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූහ.
එසේ ගෝල් පිල ඉදිරියේ ජැෆ්නා පිල දෙවැනි වරටත් පරාජයට පත්වුවද තිසර පෙරේරාගේ
නායකත්වයෙන් යුත් ජැෆ්නා කණ්ඩායම ප්‍රසාද ලකුණු 12ක් ලබා ඉදිරියෙන්ම සිටී. ඊයේ ලද 4වැනි
ජයග්‍රහණයත් සමඟ ගෝල් කණ්ඩායම ලකුණු 9ක් ලබා ගනිමින් ලකුණු සටහනේ 2වැනි ස්ථානය ලබා
ගෙන සිටින විට කළම්බු කණ්ඩායමද ඊයේ ලද 4වැනි ජයත් සමඟ ප්‍රසාද ලකුණු 8ක් ලබා 3වැනි ස්ථානයේ
පසුවෙයි.
පළමු වටයේදී කණ්ඩායම් පහම තරග 8ක් බැගින් සහභාගී වූ මෙම තරගාවලියේදී ලකුණු සටහනේ දඹුල්ල
ජයන්ට්ස් (Dambulla Giants)ට හිමිව ඇත්තේ සිව්වන ස්ථානයයි. ඒ අනුව ඔවුන් තරග 8න් 3ක් පමණක්
(ගෝල් සමඟ පැවැති එක් තරගයක් වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය) ජයගෙන ලකුණු
7ක් ලබා ඇත.
කැන්ඩි වොරියර්ස් (Kandy Warriors) කණ්ඩායම සහභාගී තරග 8න් 2ක් පමණක් ජයගෙන ප්‍රසාද ලකුණු
4ක් ලබා සිටී.
අවසන් පූර්ව තරග හෙට (19දා) හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර පළමු තරගය
කළම්බු සහ දඹුල්ල අතරත් (පස්වරු 3.00 සිට) දෙවැනි තරගය පස්වරු7.30 සිට ජැෆ්නා සහ ගෝල් අතරත්
පැවැත්වීමට නියමිතය.