2021 බර ඉසිලිමේ ලෝක ශුරතාවලියේදි – ශ්‍රී ලංකාවට පදක්කම් 7ක් එකම රිදී පදක්කම හිමාලි ගෙන්

පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල් 74 ක සහභාගීත්වයෙන් මේ මස 7දා සිට 17දා දක්වා උස්බෙකිස්තානයේදී
පැවැති බර ඉසිලිමේ ලෝක ශුරතා තරගාවලියේදි කාන්තා කිලෝග්‍රැම් 87ට වැඩි (87+) බර පංතියෙන්
තරග වැදුණ ශ්‍රී ලංකාවේ තිමාලි හපුතැන්න රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූවාය. තිමාලි අද (17දා)
දිනා ගත් එකම රිදී පදක්කමත් සමඟ මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 1ක් රිදී
පදක්කම් 1ක් සහ ලොකඩ පදක්කම් 5ක් දිනා ගැනීමට සමත් වූහ.
ලබන වසරේදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක්
ලෙසද සැළැකෙන මෙම බර ඉසිලීමේ ලෝක ශූරතාවලියේදී තිමාලි හපුතැන්න තම ඉසව්වේදි ස්නැච්
ක්‍රමයට කිලෝග්‍රෑම් 85ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රැම් 110 බරක් ඔසවමින් සමස්ත බර
ලෙස කිලෝ ග්‍රෑම් 195 ක් ඔසවා දක්ෂතා දක්වමින් මෙසේ රිදී පදක්කමට හිමිකම් ලබා ඇත.
තවද බර ඉසිලීමේ ලෝක ශූරතාවලියේ අවසන් දිනය වන අද පැවැති තවත් තරගයකදී කාන්තා කිලෝග්‍රැම්
87 බර පංතියෙන් තරග වැදුණ ශ්‍රී ලංකාවේ චතුරිකා ප්‍රියන්ති තම ඉසව්වේදි ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 85
ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රැම්105 ක බරක් ඔසවමින් සමස්ත බර ලෙස කිලෝ ග්‍රෑම් 190
ක් ඔසවා එම ඉසව්වේ සිව්වැනි ස්ථානයට පත්වූවාය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් 9 දෙනෙක් සහ ක්‍රීඩිකාවන් 10 දෙනෙකු සහභාගී වූ අතර
එළැඹෙන 2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගී විමේ අවස්ථාව හිමිවන ශ්‍රී ලංකා ක්‍රීඩක
ක්‍රීඩිකාවන් කවුද යන්න ලබන පෙබරවාරි මස වන විට නිවේදනය කරනු ඇතැයි ශ්‍රී ලංකා බර ඉසිලීමේ
සම්මේලනයේ සහකාර ලේකම්වරයා මෙන්ම මෙම කණ්ඩායමේ කළමනාකරු ලෙසද කටයුතු කරන
චමින්ද රත්නායක මහතා අද අප වෙත පැවැසීය.