එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලිය – 2021 වැඩිය හොඳ කොළඹද නුවරද තීරණය අදයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ (එල්පීඑල්) ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ඊයේ දිනය
(14දා) අවසන් වන විට ජැෆ්නා කිංස් (Jaffna Kings) කණ්ඩායම සමත් වී ඇත්තේ (ශුද්ධ ලකුණු වේගය
2.840) අවසන් පූර්ව වටයේ ස්ථානයද ස්ථිර කර ගනිමිනි. මේ අතර ඊයේ කැන්ඩි වොරියර්ස් (Kandy
Warriors) කණ්ඩායම දඹුල්ල ජයන්ට්ස් (Dambulla Giants)ට එරෙහිව කඩුලු 6ක ජයක් ලබා ගැනීමත්
සමඟ ඔවුන්ගේ 2වැනි ජයග්‍රහණය වාර්තා විය. ඒ අනුව කැන්ඩි පිල ප්‍රසාද ලකුණු 4ක් ලබා ලකුණු
සටහනේ අවසන් ස්ථානයේ සිටින්නේ ශුද්ධ ලකුණු වේගය -0.302ක් රඳවා ගනිමිනි.
කෙසේ වෙතත් ඔවුන් අවසන් පූර්ව වටයට යෑමට නම් අද රාත්‍රියේදී කළම්බු ස්ටාර්ස් (Colombo Stars)
සමඟ පැවැත්වෙන තරගය අනිවාර්ය යෙන්ම ජයගත යුතුය. අද රාත්‍රී තරගයෙන් කළම්බු පිල ජයගත
හොත් ඔවුන් ස්ථිරවම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර කැන්ඩ් පිල ජයග්‍රහණය කළහොත්
ශුද්ධ ලකුණු වේගය අනුව කළම්බු හෝ කැන්ඩි කණ්ඩායම් දෙකෙන් එකක් අවසන් පුර්ව වටයට
සුදුසුකම් ලබනු ඇත.

ඊයේ පැවැති පළමු තරගයේදී ජැෆ්නා කිංස් (Jaffna Kings) කණ්ඩායම ඉදිරියේ ලද පරාජය නිසා
කළම්බු ස්ටාර්ස් (Colombo Stars) තවමත් ලකුණු සටහනේ 4වැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 6ක්
සහිතව -1.087ක් ශුද්ධ ලකුණු වේගයක් පවත්වා ගනිමිනි. ගෝල් ග්ලැඩියේටර්ස් (Galle Gliators)
කණ්ඩායම (ශුද්ධ ලකුණු වේගය -0.019) හා දඹුල්ල ජයන්ට්ස් (Dambulla Giants) යන කණ්ඩායම
(ශුද්ධ ලකුණු වේගය -1.003) ලකුණු 7ක් බැගින් ලබා පිළිවෙලින් ලකුණු සටහනේ 2වැනි හා 3වැනි
ස්ථානයේ පසුවන අතර අද තරග ප්‍රතිඵල කුමක් වුවත් ඔවුන්ට අවසන් පූර්ව වටයට යාමේ බාධාවක්
නොමැත.
ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.00 ට ජැෆ්නා කිංස් (Jaffna Kings) හා ගෝල් ග්ලැඩියේටර්ස් (Galle
Gliators) අතර තරගය ආරම්භ වීමට නියමිත අතර කළම්බු ස්ටාර්ස් (Colombo Stars) කණ්ඩායම
කැන්ඩි වොරියර්ස් (Kandy Warriors) කණ්ඩායම හමුවන්නේ අද රාත්‍රී 7.30 සිටයි.