ඔස්ට්‍රේලියාවේ ජෙෆ් ඇලඩයිස්ව අයිසීසී ප්‍රධාන විධායක නිලධාරී ධුරයේ ස්ථිර කරයි

BENONI, SOUTH AFRICA - DECEMBER 19: Mr. Geoff Allardice ICC GM Cricket during the ICC U19 Cricket World Cup 2020 launch at Willowmoore Park on December 19, 2019 in Benoni, South Africa. (Photo by Christiaan Kotze - ICC/ICC via Getty Images)

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (අයිසීසී) ප්‍රධාන විධායක නිළධාරී ලෙස ඔස්ට්‍රේලියානු ජාතික ජෙෆ් ඇලඩයිස් ස්ථිර කිරීමට තීරණය කර තිබේ.

පසුගිය කාලය පුරාවට ජෙෆ්ව මෙම තනතුරෙහි වැඩබැලීමට පත්කර තිබිණ. අයිසීසී හිටපු ප්‍රධාන විධායක නිළධාරී මානු සව්නි ඉවත්වීමෙන් පසු ජෙෆ් මෙම තනතුරෙහි මාස 08කට ආසන්න කාලයක් තාවකාලිකව රාජකාරි ආවරණය කළේය.