මහනුවර සෙලවෙයි

අද (18 වැනිදා) පෙරවරුවේ මහනුවර දිසත්‍රික්කයේ සුළු භූ කම්පනයක් වාර්තා වූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි. මහනුවර අඹකොටේ, පල්ලෙකැලේ ප්‍රදේශයේ එම සුළු භූ කම්පන තත්ත්වය වාර්තා වී ඇති අතර ඉන් කිසිදු දේපළ හානියක් සිදු වූ බවට වාර්තා වී නොමැත.