කොවිඩ් -19 මර්දන එන්නත හෙට දිවයිනට

ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් කොවිඩ් -19 මර්දන එන්නත හෙට (28 වැනිදා) මෙරටට රැගෙන ඒමට නියමිතව තිබේ. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් සොයා ගන්නා ලද මෙම එන්නත ඉන්දියාවේ මුම්බායි හි පිහිටි ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාවක් තුළ නිෂ්පාදනය කරනු ලැබූ අතර එන්නත් රැගත් ගුවන් යානය හෙට පෙරවරු 11.00 ට මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
මෙරට පැතිර යන කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් කොවිඩ් මර්දන එන්නත ඉන්දිය රජය විසින් පරිත්‍යාගයක් ලෙස මෙරටට ලබාදෙන බව සඳහන් වේ.