මෙරට කොරෝනා මරණ 288 දක්වා ඉහළ යයි

ඊයේ (26 වැනිදා) මෙරටින් වාර්තා වූ කොරෝනා මරණයත් සමගින් මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 288 දක්වා ඉහළ ගොස් තිබේ.
71 හැවිරිදි කාන්තාවක් ඊයේ මෙලෙස මිය ගොස් තිබූ අතර එම කාන්තාව වැලිසර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින සිට පසුව කොළඹ බෝ නොවන රෝග විද්‍යා ඒකකයට මාරු කර එවා තිබිණි.
මේ අතර ඊයේ මෙරටින් වාර්තා වූ වැඩිම ආසිදිතයින් ගණන කොළඹින් වාර්තා වී තිබිණි. ඒ අනුව ඊයේ දිනය තුළදී කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 369ක් වාර්තා වී තිබූ අතර සමස්ථ දිවයින පුරා ඊයේ අසාදිතයින් 755ක් වාර්තා වී තිබිණි.