තේරීම් කමිටු සභාපති ධුරයෙන් අසන්ත ද මෙල් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අසන්ත ද මෙල් මහතා ඊයේ (27 වැනිදා) සිය ධුරයෙන් ඉල්ලා අස් විය.
අසන්ත ද මෙල් මහතා 2017 වසරේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටු සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු වශයෙන්ද කටයුතු කළේය. ඒ අනුව මීට දින කිහිපයකට පෙර අසන්ත ද මෙල් මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාර ධුරයෙන්ද ඉල්ලා අස්වූ අතර ඊයේ තේරීම් කමිටු සභාපති ධුරයෙන්ද ඉල්ලා අස්විය.
‘මේක මගේ පෞද්ගලික තීරණයක්. මේ ගැන දැන්ම මොකුත් කියන්න බැහැ. මම ඉල්ලා අස් වුණා’ යැයි අසන්ත ද මෙල් මහතා සිය ඉල්ලා අස්වීම පිළිබඳ අදහස් දක්වා තිබේ.