ඉන්දීය රජය ප්‍රදානය කළ කොවිඩ් මර්දන එන්නත් තොගය අද (28 වැනිදා) උදෑසන දිවයිනට ගෙන් එන ලදී. ඒ අනුව ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ පරිශ්‍රයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් එම එන්නත් තොගය භාරදෙනු ලැබීය.
එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සංවර්ධනය කළ ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් කොරෝනා මර්ධන එන්නත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගෙන් කළ ඉල්ලීම අනුව ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරිණි.