කොවිඩ් මරණ 9,000 පන්නයි

කොවිඩ් ආසාදිතව මරණයට පත්වූ සංඛ්‍යාව 9,185ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ (31දා) තහවුරු කළ කොවිඩ් මරණ194ත් සමගිනි.  එම මියගිය අයගෙන් 146 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 45 දෙනෙක් සහ අවුරුදු 30 ට අඩු තිදෙනෙක් ද ඒ අතර වෙති.

මියගිය අය අතරින් 100 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ ද 94 දෙනෙක් වෙති