පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙත් කොවිඩ් ආසාදිතයින් හමුවෙයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් 08 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වේ. ඒ අනුව විභාග කටයුතු සඳහා කැඳවූ සිසුන් 300 දෙනෙකු අතරින් 8 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට පී.සී.ආර් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. ඒ අනුව මේ වනවිට සිසුන් 40 දෙනෙකු නේවාසිකාගාර තුළ නිරෝධායනයට ලක් කිරීමට පියවරගෙන ඇති අතර විභාග කටයුතු තාවකාලිකව නතර කිරීමට පියවරගත් බවද විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ඒකකය කියා සිටී.
කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිසුන් 05 දෙනෙකුටද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට පසුගියදා හඳුනාගෙන තිබුණි.