වී.ජ. මු. ලොකුබණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වෙයි

හිටපු කථානායකවරයෙකු වන වී.ජ. මු. ලොකුබණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද පස්වරුවේ ඒ මහතා මිය ගොස් තිබේ.
පසුගිය 02 වැනිදා කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් පසු ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණු අතර පසුව අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකට පසුගිය 07 වැනිදා ඇතුළත් කරන ලදී.
මියයන විට ඒ මහතා 81වැනි වියේ පසු විය.