කොවිඞ් උවදුරේදී බොහෝදුරට තම ජනතාව ආරක්‍ෂා කර ගනිමින් සාර්ථක ප‍්‍රතිඵල ලබාගත් රටවල් ඒ තත්ත්වය උදාකරගෙන ඇත්තේ බුද්ධිමත්ව, දුර දැක්මකින් යුතුව ඒ තත්ත්වයට මුහුණ දීම හේතුවෙනි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් ලෙස එම රටවල්, පටු දේශපාලන පැවැත්ම ගැන පමණක් සිතමින්, ජනතාවට සැබෑ තත්ත්වය වසන් කරමින් කටයුතු නොකර, සියල්ල විනිවිද පෙනෙන අයුරින් තබා ගැනීම සහ නිසිකලට, නිසි ලෙසින් නිර්භීත තීන්දු ගැනීම දැකිය හැකිව තිබුණි.
2021 අගෝස්තු 17 වන දින සිට මුළු නවසීලන්තයම වසා තැබීමකට (Lockdown) යෑමට අග‍්‍රාමාත්‍ය ජසින්තා ආඞ්න් තීන්දු කළේ එක් ආසාදිතයකු හමුවීමේ ප‍්‍රවෘත්තිය හේතුවෙනි. මේ වන විටත් එම රට වසා තැබීම කි‍්‍රයාත්මකව පවතී. නවසීලන්තය මුලින්ම ආසාදිතයකු හඳුනා ගත්තේ 2021 පෙබරවාරි 28 වන දිනයි. රට වසා තැබීමට ඔවුන් තීන්දු කරන්නේ මාර්තු 25 වන දිනයි. එය දිගටම සති පහකට ඔවුන් පවත්වාගෙන ගියේ තම පුරවැසියන්ගේ ජීවිත ආරක්‍ෂාව ඉහළම ප‍්‍රමුඛත්වය ලෙස සලකමිනි. කොවිඞ් උවදුර තදින්ම බලපාන අවස්ථාවක ජර්මන් ජනතාව ඇමතූ එම රටේ රාජ්‍ය නායිකාව වන චාන්සලර් ඇන්ජිලා මර්කල් කළ ප‍්‍රකාශය මට සිහිපත්වේ. ‘මේ අවස්ථාවේදී මේ පිළිබඳව ගන්නා වූ සියලූ තීන්දු තීරණ ගනු ලබන්නේ අපේ රටේ වෛද්‍ය ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන්ය. දේශපාලන නායකයන් ලෙසින් මේ මොහොතේ අප සිටින්නේ ඔවුන්ට පිටුපසිනි.’ එහෙත් ශී‍්‍ර ලංකාව මේ තත්ත්වයට ප‍්‍රතිචාර දැක්වූ අයුරු ගැන මතකය අවදිකර බලන්න.
එදා අපේ රටේ වෛද්‍ය විශේෂඥයන්, ප‍්‍රවීණයන් නැඟූ හඬට කන්දීමක් තිබුණේද? අපේ වෛද්‍ය සංගම් මෙන්ම වෛද්‍යක්‍ෂේත‍්‍රයට සම්බන්ධ වෙනත් සංවිධාන නැඟූ හඬට කන්දීමක් තිබුණේද? ශී‍්‍ර ලාංකික සම්භයක් සහිත විදේශගත ශී‍්‍ර ලාංකික වෛද්‍යවිශාරදයන් මේ ගැන කළ අනතුරු ඇඟවීම්වලට කන්දීමක් තිබුණේද? අපේ විපක්‍ෂ නායකවරයා 2020 ආරම්භයේ සිට දිගටම පාර්ලිමේන්තුව තුළ මෙන්ම පිටතදීත් රජයට මේ උවදුර පිළිබඳව කල් ඇතිව අනතුරු ඇඟවීම් කරමින් සිටි අයුරු මගේ මතකයට නැෙඟ්. කොවිඞ් උවදුරේ බැරෑරුම් කම සහ ඒ පිළිබඳ පළමු අනතුරු ඇඟවීම විපක්‍ෂ නායකවරයා සිදුකරනු ලැබුවේ 2020 ජනවාරි 24 වන දිනදීය. ගුවන්තොටුපළින් සහ වරාය මගින් මේ උවදුර ආ හැකි බවට ඔහු රතු එළිය දැල්වුවද, රජය එහි බරෑරුම් බව පිළිගැනීම ප‍්‍රතික්‍ෂේප කර සිටියේය. නැවත පෙබරවාරි 5 වන දින ගුවන්තොටුපළින් ආසාදිතයන් ඇතුල් නොවීම ගැන සහතික විය හැකිදැයි ඔහු ප‍්‍රශ්න කළ විට ආරක්‍ෂිත බව සහතික කරමින් අවශ්‍ය සියලූ පරීක්‍ෂණ ඇතුල්වීම්වලදී සිදුකෙරෙන බවට පිළිතුරු සැපයින. ඉන් දින කිහිපයකට පසුව ආසාදිත චීන කාන්තාව සහ සංචාරක මග පෙන්වන්නා හඳුනාගනු ලැබිණ. ඉන් අනතුරුව මුව ආවරණ, එන්නත් කිරීම්, අවශ්‍ය බෙහෙත් වර්ග කල් ඇතිව ඇණවුම් කිරීමේ අවශ්‍යතාව සහ දැඩිසත්කාර ඒකකයේ ඇඳන් අවශ්‍යතාවයන් සඳහා සූදානම් වීම වැනි කරුණු අවාධාරණය කළ විට, බොරු බිල්ලන් මැවීම නොකරන ලෙස කියමින් විපක්‍ෂ නායකවරයාට පාර්ලිමේන්තුවේදී ඇතැම් ඇමැතිවරුන් සමච්චල් කළ අයුරු මගේ මතකයට නැෙඟ්.
නිසි කලට, නිසි ලෙසින් නිසි පියවර නොගැනීමේ විපාකයනට රටක් ලෙසින් අද අපි මුහුණ දී සිටින්නෙමු. අගෝස්තු 23 දින වන විට දිනකට කොවිඞ් නිසා අහිමිවන ජීවිත පිළිබඳ ආසියාවේ වැඩිම ප‍්‍රතිශතය වාර්තා කරනුයේ ශී‍්‍ර ලංකාවයි. ඒ මිලිනයකට 8.5 ක් ලෙසිනි. ලෝකයේ ඒ අතින් නරකම රටවල් අතර හතරවන ස්ථානයේ ලංකාව අද වන විට සිටී. අපට ඉහළින් වඩාත් නරකම රටවල් ලෙස සිටිනුයේ, අංක එක ලෙසින් දකුණු ඇමෙරිකාවේ ඩොමිනිකා රාජ්‍යයත්, අංක දෙකට යුරෝපයේ ජෝර්ජියාවත්, තුන්වන ස්ථානයට අපි‍්‍රකාවේ එස්විට්නි රාජ්‍යයත්ය. (මේ දත්තයන් මා ලබා ගත්තේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිiාලයේ Our world in data මූලාශ‍්‍රයෙනි.)
ආගමික නායකයන්ගේ, සිවිල් සංවිධානවල, වෛද්‍ය ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන්ගේ සහ අදාළ ක්‍ෂේත‍්‍රයේ සංවිධානයන්හි අනතුරු ඇඟවීම් මායිම් නොකරමින් මැතිවරණයකට යෑමට නාමයෝජනා කැඳවීම් සඳහා දිගටම කටයුතු කරගෙනගිය නමුදු අවසානයේදී නාම යෝජන භාරදීම සමග රට වැසීමට සිදුවිණ. කොවිඞ් උවදුර උච්ඡ ස්ථානයක තිබියදී, ජනතාවගේ අදහස් ඉදිරිපත් කිරීම්වලට ඉඩ නොතබමින් සහ ඒ පිළිබඳව සාමකාමී විරෝධතාවන් පවා, කොවිඞ් උවදුර දඩමීමා කොට ගෙන මර්දනය කරමින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සඳහා 20 වන සංශෝධනය සහ වරාය නගර කොමිෂන් සභා පනත කඩිමුඩියේ සම්මත කර ගැනීමට කටයුතු කරන ලදී. මතුව තිබූ බැරෑරුම් කොවිඞ් තත්ත්වයට මුහුණදීම සඳහා අවශ්‍ය නීති රීති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට වඩා මහා හදිසියක් රජයට, මේ පනත් දෙක සම්බන්ධව තිබිණ. ජනතා අදහස් ඉදිරිපත් වීමකට ඉඩ නොදෙමින් රජය කඩිමුඩියේ සම්මත කරගත් මේ පනත් අපේ රටේ ස්වාධිපත්‍යයට, නීතියේ ආධිපත්‍යයට මෙන්ම අපේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්වලට ඇතිකරනුයේ ඉමහත් බලපෑමකි. වරාය නගර පනතේ වගන්ති අභියෝගයට ලක් කරමින් ස්වාධිපත්‍යයට, නීතියේ ආධිපත්‍යයට ඇතිකරන අහිතකර බලපෑම් මුල්කොට විපක්‍ෂය සහ සිවිල් සංවිධාන විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරන ලද නඩු තීන්දු හේතුවෙන් පනතට සංශෝධන 25 ක්
එක් කිරීමට රජය එකඟවීම තුළ 2/3 ක ඡන්දය හෝ ජනමත විචාරණයකින් තොරව සම්මත කර ගැනීමට අවකාශය ලැබිණ. නඩු තීන්දුවෙන් පසු විවාදය සඳහා විපක්‍ෂය දින කිහිපයක් ඉල්ලා සිටි නමුදු එය නොතකා හරිමින්, විවාදය දින දෙකකට පමණක් සීමා කරමින් පනත සම්මත කර ගැනීමට රජය තම බලය පාවිච්චි කළ අයුරු දැකිය හැකි විය.
ලෝකයේ රටවල් බොහෝමයක ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමිව ගොස් ඇත්තේ, හමුදා කුමන්ත‍්‍රණ සහ කැරලි ගැසීම්වලින් පමණක්ම නොවේ. සෙමින් සෙමින්, ක‍්‍රමානුකූලව ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්ම නිමාවකට පත්කර, මෙවැනි කි‍්‍රයාදාමයන් තුළින් අධිපතිවාදය හිස එසවූ සමාජයන් අපි අපේ ජීවිත කාලය තුළ පසුගිය දශක කිහිපයේදී දැක ඇත්තෙමු. නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමිකරගත් සමාජයන්හි ජනතාව අද මුහුණ දී ඇති තත්ත්වයන් සහ අදාළ අවස්ථාවන්හිදී ඉදිරියට නොඒම හේතුවෙන් අද ඔවුන් පසුතැවිලි වන ආකාරය අපට ලබාදෙන්නේ ලොකු පාඩමකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම්වරයා 2020 අපේ‍්‍රලේ මාසයේදී කළ අනතුරු ඇඟවීම මෙහිදී මගේ මතකයට එයි. ‘කොරෝනා අර්බුදය මානව අයිතීන් පිළිබඳ අර්බුදයක් බවට වේගයෙන් පත්වෙමින් පවතියි. ඒ මේ අවදුර දඩමීමා කර ගනිමින් උවදුරට අදාළ නොවන ලෙසින් මර්දනකාරී පියවරවල්වලට යෑම හේතුවෙනි.?
මේ අතර ‘Dimocracy Under Lockdown’ නමින් වූ Freedom House ප‍්‍රකාශනය ලෝකයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයන්හී ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්මට කොවිඞ් උවදුර ඇතිකර ඇති අහිතකර බලපෑම ගැන මෙසේ වාර්තාකර ඇත. ‘කොරෝනා උවදුරේ බලපැවැත්මත් සමග රටවල් අසූවක ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්ම පිළිබඳ තත්ත්වයන් සහ මානව අයිතිවාසිකම් පිළිබඳ තත්ත්වයන් ඉතාම පහත් මට්ටමකට වැටෙමින් පවතී.’ අද අපි ශී‍්‍ර ලංකාවේ ද කොවිඞ් උවදුර මුවාවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උදුරා ගැනීම සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක පැවැත්ම අහිමි කිරීම දකිමින් සිටින්නෙමු. පසුගිය දින කිහිපය තුළ අපේ ඇතැම් අධිකරණ විනිසුරුවරුන් පුරවැසි අයිතීන් වෙනුවෙන් දී ඇති නිර්භීත තීන්දු කිිහිපය මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව 20 වන සංශෝධනයෙන් පසු ඇතිව ඇති වාතාවරණය තුළ යම් තරමක බලාපොරොත්තුවක් ඇතිකරන බව පෙනේ. කෙසේ වෙතත් පුරවැසි අයිතීන් වෙනුවෙන්ද, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයේ පැවැත්ම වෙනුවෙන්ද, අනෙක් සියලූ වෙනස්කම් පසෙකලා කල්ලිවාදයන්වලට නොගොස් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වන කඳවුරක් ලෙසින් ඒ අරමුණ සඳහා වන සියලූ බලවේග ඒකරාශී වී මෙම අධිපතිවාදී ප‍්‍රවණතාවයන් පරාජය කළ යුතුව ඇත.
ඉමිතියාස් බාකීර් මාකාර්