
හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු උපදේශක පුහුණුකරුවෙකු ලෙස පත්කිරීමට නියමිත බව පැවැසෙන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට කරන ලද නිර්දේශයක් අනුව මෙම නව පත්කිරීම සිදුවන බවද වාර්තාවේ.
ජාතික ක්‍රිකට් කණ්ඩායම ලබන මස විස්සයි-20 ජාත්‍යන්තර තරඟ පහකට සහභාගී වීම සඳහා ඕස්ට්‍රේලියානු සංචාරයක යෙදීමට නියමිත අතර මාලිංගගේ පත්වීම එම සංචාරයට අදාළව පමණක් සිදුකරන බවද දැනගන්නට ඇත. ඒ අනුව මේ දිනවල ඕස්ට්‍රේලියාවේ සිටින ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඕස්ට්‍රේලියාවේදි එක්වීමට නියමිත බවද සඳහන් වෙයි.
ලසිත් මාලිංග ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා විශිෂ්ට දස්කම් සමඟින් විස්සයි-20 තරග ආකෘතියේ වඩාත්ම සාර්ථක පන්දු යවන්නා වන අතර ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට කිරුළු කිහිපයක් ලබා දීමට දායක වූ දක්ෂ වේගපන්දු යවන්නෙකි.