පසුගිය වසරේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩොලර් මිලියන 300ක ඉතිරියක්

2020 වසර තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩොලර් මිලියන 300ක විදේශ විනිමය ඉතිරියක් සිදුවූ බව එහි සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි. ඊයේ (19 වැනිදා) රැස්වූ කෝප් කමිටුවේදී ඒ මහතා මේ බව පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පසුගිය වසර තුළ බොරතෙල් බැරලයක මිල පහළ යාම නිසා සහ තවත් හේතු කිහිපයක් නිසා එම වාසිය ලබාගැනීමට හැකි වූ බවත් පැවසීය.