ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනකුට කොරෝනා

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා පිටත්ව යෑමේ පුහුණුවට සහභාගී වූ ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. අදාළ සංචාරය ඉලක්ක කර ගනිමින් නම් කරන ලද ක්‍රීඩකයින් 34කින් යුත් මූළික සංචිතයට මෙම ක්‍රීඩකයින් දෙදෙනාද ඇතුළත්ව සිටි අතර එහිදී කරන ලද පී.සී.ආර්. පරික්ෂණයකින් අනතුරුව අදාළ ක්‍රීඩකයින් fදාදෙනාට කොරෝනා ආසාදනය වී ඇති බවට සනාථ වී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන පරිදි එක්දින කණ්ඩායම නියෝජනය කළ බිනුර ප්‍රනාන්දුට සහ චාමික කරුණාරත්න යන දෙදෙනාට මෙලෙස කොරෝනා වෛරසය ආසාධනය වී තිබේ. ඒ අනුව පී.සී. ආර්. පරික්ෂණයෙන් පසුව අදාළ ක්‍රීඩකයින් දෙදෙනා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර තිබේ. කෙසේ වෙතත් ආසාදිතයින් බවට පත්වූ ක්‍රීඩකයින් දෙදෙනා ටෙස්ට් කණ්ඩායම නියෝජනය නොකරන ක්‍රීඩකයින් දෙදෙනකු බැවින් එංගලන්තයට එරෙහිව අද ආර්ම්භ වන දෙවැනි ටෙස්ට් තරගයට බාධාවක් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටී.
කෙසේ වෙතත් බිනුර ප්‍රනාන්දුගේ සහ චාමික කරුණාරත්නගේ සමීපත ක්‍රීඩකයින්ගේද පී.සී.ආර්. පිරික්ෂණ සිදු කිරීමටද පියවර ගෙන තිබේ. බිනුර ප්‍රනාන්දු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් විස්සයි විස්ස තරග 2කට සහභාගී වී ඇති අතර එහිදී කඩුලු 3ක් දවා ගැනීමට සමත්වී තිබේ. චාමික කරුණාරත්න ශ්‍රී ලංකා ජාතික ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරමින් 2019 වසරේදී එක් තරගයකට ක්‍රීඩා කර තිබේ.