‘බෝර්න් අගේන්’ ක්‍රිකට් කල්ලිය කොරෝනාවටත් වඩා දරුණු වෙයි….

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මහා ව්‍යාපාරයකි. ඒ ව්‍යාපාරයේ මුදල් යනු ඩොලර් කඳුය. නමුත් ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ මුදල් ලැබෙන්නේ කණ්ඩායම ශක්තිමත්ව දක්ෂතා දැක්වුවහොත් පමණි. කාලයෙන් කාලයට එන එක එක පදයට පාද තබන ක්‍රිකට් ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා ක්‍රිකට් නන්නත්තාර කරති. දැන් අලුත්ම කාලකණ්ණි පදය බෝර්න් අගේන්ය.
‘බෝර්න් අගේන්’ යන අලුත් ආගමක් ඔස්සේ කල්ලි ගැසී ඇති ඇතැම් ක්‍රිකට් පරිපාලකයන්, පුහුණුකරුවන් සහ ක්‍රීඩකයන් වල්මත්ව රට වෙනුවෙන් කරන ක්‍රීඩාව වලපල්ලට තල්ලු කරමින් සිටියි. ‘බෝර්න් අගේන්’ හී තේරුම අලුතෙන් ඉපදීමය. අලුතෙන් ඉපදෙන්නට මැරන්නටම එපෑයෑ… යැයි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරුවකු මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා, ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මෙන්ම ක්‍රිකට් මෙහෙයුම් නිළධාරී ජෙරම් ජයරත්න මේ ‘බෝර්න් අගේන්’ න්‍යාය වැළඳගෙන සිටිති. බෞද්ධයන් බහුතරයක් අන්‍යාගමීකරණය කිරීමත් අනෙකුත් ආගම්ව සල්ලිකාර කෙරුමන් මෙම ‘බෝර්න් අගේන්’ ආගමට බඳවා ගැනීමත් මෙහි යථාර්තය වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන් මෙන්ම ක්‍රීඩකයන්ද මෙම ආගම් අන්තවාදය පතුරවමින් සිටියි.
සහරාන්ලාට වැඩිය දරුණුවට මෙම ආගම් ඇම්ම වැළඳී ඇති ක්‍රිකට් ක්‍රීඩකයන්ට දැන් එයින් තොර ලොවක් නැත. හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහද මෙම ආගම වැළඳ ගනිමින් ක්‍රිකට් පුහුණුව වෙනුවට ආගම් අන්තවාදය පතුරුවා ක්‍රිකට් නැතිකර දැම්මේය. ජෙරම් ජයරත්න ක්‍රිකට් බෝර්න් අගේන් කල්ලියේ කැප්ටන්ය.
ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සහ කණ්ඩායම් කළමණාකරු අසන්ත ද මැල්ද ක්‍රීඩකයන්ට ‘බෝර්න් අගේන්’ ආගම වැළඳ ගැනීමට උල්පන්දම් දී ඇත. ඔහුද එම ආගම වැළඳ ගෙන තිබේ. ඔහු තෝරන ක්‍රීඩකයන්ට ඇති අතිරේක සුදුසුකම මෙම ආගම වැළඳ ගැනීමයි. ටෙස්ට් තරග 40 කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රීඩා කරමින් එක් ශතකයක් හෝ නොලබා ඇති නිරෝෂන් දික්වැල්ල තවදුරටත් කණ්ඩායමේ සිටින්නේ මෙම ‘බෝර්න් අගේන්’ වැළඳ ගෙන ඇති නිසාය.
පිටියට පැමිණි විට බොහෝ විට අසාර්ථක පිතිකරුවකු වන නිරෝෂන් දික්වැල්ල වැඩි හරියක් කරන්නේ උඩ බලන් කුරුස සියයක් පමණ ගැසීමය. ඇතැම් විදෙස් ක්‍රීඩකයන්ට මෙය හාස්‍ය උපදවන්නකි. ඔය කියන දෙයියන් ලකුණු දික්වැල්ලට නොදුන්නාට හැමදාමත් කණ්ඩායමේ ස්ථානය දෙන බවනම් පෙනේ. මේ විහිළුව නවතා ගැනීමට පන්සල සමග සිටින ක්‍රීඩා ඇමැතිවරයකු මැදිහත් විය යුතුය. ඔහුත් කටින් බතලකොළ හිටවන න්‍යායේ සිටියොත් මෙරට ක්‍රිකට් තව නොබෝ දිනකින් වැළලී යනු ඇත.
කුසල් මෙන්ඩිස්ද මෙම ‘බෝර්න් අගේන්’ ආගම වැළඳ ගෙන තිබේ. ඒ නිසා ඔහු දැන් ලොව අඩුම ඉනිම සංඛ්‍යාවකින් වැඩිම බන්දු සංඛ්‍යාවක් ලැබූ දෙවැන්නාය. පළමු වැන්නා වීමට ඔහුට තවත් අවස්ථාවක් තිබේ. පන්දු රැකීමේ පුහුණුකරුවකු වූ රුවන් කල්පගේද චන්දික හතුරුසිංහ හරහා මේ අලුත් ආගම් අන්තවාදය වපුරන තවත් පුරුකක් වේ.
හිටපු සුපිරි වමත් පිතිකරුවකුද මේ ‘බෝර්න් අගේන්’ වැළඳගෙන තිබේ. ඔහු දක්ෂ කථිකයෙකි. එංගලන්තය වැනි රටවලද මහත් පිළිගැනීමක් ලබයි. නමුත් අලුත් ආගම ඔහුට විෂබීජයකි. රටේ පන්සල්, පල්ලි සහ කෝවිල් තිබියදී තම භක්තිය කුලියට දෙන මේ ක්‍රීඩකයන් සහ පරිපාලකයන් සියලු දෙනා ගැන රජයේ වගකිව යුතු පුද්ගලයන් සූක්ෂම විපරම් කරමින් තීන්දු තීරණ ගත යුතුය.
‘බෝර්න් අගේන්’ ජාතික කණ්ඩායමේ වෛරසයක් වෙද්දී ක්‍රිකට් පරිපාලනයද වෙළාගෙන ඇත. මෙය එක් අතකින් කොරොනාවට වඩා බරපතලය. තවත් අතකින් සහරන්ලාට වඩා බරපතලය. ක්‍රිකට් කොපි කරන පොඩි ඔවුන්ද මේ විකාර කොපි කිරීමට ගතහොත් රටේ අනාගතයටද දෙවියන්ගේම පිහිට මිස අන්කිමක්ද?