ජෝ රූට්ට ද්විත්ව ශතකය අහිමි වෙයි

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයට අද (24 වැනිදා) තරගය නතර කරන විටදී පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 339ක් ලබා සිටියේය. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාව පළමු ඉනිමට වාර්තා කළ ලකුණු 381කට වඩා තවත් ලකුණු 42ක් පිටුපසින් පසුවේ.
අද දිනයේදී සිය 19 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වූ එංගලන්ත නායක ජෝ රූට් ලකුණු 186ක් ලබා ගැනීමට සමත් විය. ජෝස් බටලර් ලකුණු 55ක් සහ ඩොම් බේස් ලකුණු 33ක් වාර්තා කිරීමට සමත් විය.
ලසිත් ඇඹුල්දෙණය ලකුණු 132කට එංගලන්ත ඉනිමේ කඩුලු 7ක් බිඳ දැමීමට සමත් වූ අතර සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන රමේෂ් මෙන්ඩිස් එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.
හෙට තරගයේ සිව්වැනි දිනයයි.