ඉන්දීය කොවිඩ් එන්නත ලබන 27 වැනිදාට එයි…

කොවිඩ් 19 රෝගයට ඉන්දියාව නිෂ්පාදනය කළ එන්නත ලබන 27 වැනිදා ඉන්දියාවේ සිට දිවයිනට රැගෙන එන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි. ඒ අනුව අදාළ එන්නත නොමිලේ ලබාදීමට ඉන්දීය රජය එකඟතාව පළකර ඇති බවත් එන්නත මෙරටට රැගෙන ඒමෙන් පසුව පසුදිනම සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ සාමාජිකයන් වෙත එන්නත් කිරීම ආරම්භ කරන බවත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහන් කරයි.