සෞඛ්‍ය ඇමැතිවරියටත් කොරෝනා

සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නආරච්චිට සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකදී කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට තහවුරුවී තිබේ. ඒ අනුව මේ වනි විට සිදුකරන ලද පීසීආර් පරීක්ෂාවෙන්ද ඇමැතිවරියට කොවිඩ් රෝගය ආසාදනයවී ඇති බව තහවුරු වීමත් සමග ඇය අදාළ ප්‍රතිකාර සඳහා යොමු වී තිබේ.
කොසේ වෙතත් තමාට කොවිඩ් 19 වෛරස රෝගය තදබල ලෙස ආසාදනය වී නැතැයි සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය දැනුම් දුන් බව අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරයා පවසයි.