කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 400ක් වාර්තා වේ.

අද (25 වැනිදා) පෙරවරු 6න් අවසන් වූ පැය 24ක කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 480 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මාධ්‍යස්ථානය පැවසයි. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 41කින් මෙම ආසාදිතයින් වාර්තා වී ඇති අතර ඒ අතරින් කොම්පඤ්ඤවීදිය, නාරාහේන්පිට, වැල්ලවත්ත, කුරුඳුවත්ත, මරදාන, ගොතටුව, ගල්කිස්ස සහ වැල්ලම්පිටිය යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ආසාදිතයින් 20 ඉක්මවූ සංඛ්‍යාව බැගින් හඳුනාගෙන තිබේ.
මේ අතර ඊයේ දිනය තුළදී නව ආසාදිතයින් 843දෙනකු හඳුනාගෙන තිබේ. ඊට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 86 දෙනෙකු, කළුතර දිස්ත්‍රික්කයෙන් 72 දෙනෙකු සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 40 දෙනෙකු ඇතුළත් වේ.