මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරටත් කොවිඩ්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට කොවිඩ් -19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
තමාගේ ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් ඔහු මේ බව දන්වා තිබේ. එහි සඳහන් පරිදි මන්ත්‍රීවරයා පසුගිය 19 වැනි පාර්ලිමේන්තු රැස්වීමටද සහභාගි වී ඇති අතර පසුගිය දිනවලදී රූපවාහිනී වැඩසටහන් කිහිපයකටද සහභාගි වී තිබේ.