සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව එල්.පී.එල්. සහ එංගලන්ත තරඟාවලි පැවැත්වීමට පියවර

මෙම මස 26 දින සිට දෙසැම්බර් 16 දින දක්වා මෙරට දී පැවැත්වීමට නියමිත එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලිය සහ 2021 ජනවාරි මස14 දින ආරම්භ වන එංගලන්ත ක්‍රිකට් සංචාරය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවැත්වීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.
මෙම තරඟ පැවැත්විය යුතු ක්‍රමවේදය පිළිබදව තීරණ වලට එළඹීම සදහා විශේෂ සාකච්ඡාවක් අද දින (23 වැනිදා) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලන මණ්ඩලයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙහිදී විදේශීය රටවලින් මෙරටට පැමිණෙන ක්‍රිකට් ක්‍රිඩකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාවත්, ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාවත් පිළිබදව සාකච්ඡාවට භාජනය වූ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාත්මක කොවිඩ් – 19 තාක්ෂණික කමිටුව විසින් ලබාදෙන නිර්දේශයන්ට අනුව සකස් කරනු ලබන මාර්ගෝපදේශණ මාලාවට අනුව මෙම තරඟ මාලා දෙක පැවැත්වීමට කටයුතු කිරීමට සෞඛ්‍ය බලධාරීන් සහ ක්‍රිකට් පාලන මණ්ඩලය එකඟතාවවට පැමිණියහ.