Mahindra KUV100 පාරිභෝගිකයන් 1000 සීමාව පසු කරයි

Mahindra & Mahindra Ltd. (M&M) සහ අයිඩියල් මෝටර්ස් සහයෝගීතාවයෙන් බිහි වූ  මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගම ස්වකීය 1000 වැනි KUV100 NXT මෝටර් රථය පසුගියදා කොළඹ ප්‍රදර්ශනාගාරයේදී අලෙවි කරනු ලැබීය.
KUV100 NXT යනු SUV මට්ටමට ප්‍රවේශ රථයක් සේ සැලකිය හැකි සාඩම්බර පෙනුමකින් යුතු ආකර්ෂණීය මෝටර් රථයකි. සියයට30ක දේශීය කොටස් එකතු කරමින්  ප්‍රථම වරට සම්පූර්ණ වාහනයම මෙරටදී එකලස් කරන ලද පළමු රථය වන මෙම මෝටර් රථ මාදිලිය අයිඩියල්  සහ M&M  සමූහයේ හවුල්කාරීත්වය යටතේ ඉදිකළ මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගමේ වාහන එකලස් කිරීමේ අංගනයේදී  සම්පූර්ණයෙන්ම එකලස් කොට ඇත.
KUV100 මුල් වරට මෙරට වෙළඳපොළට හඳුන්වා දෙනු ලැබුවේ 2020 වසරේ මුල් භාගයේ වන අතර වසංගත සමය නිසා පාරිභෝගිකයන්ගේ ප්‍රතිචාර ඉතා අවම මට්ටමක පැවති සමයක් විය. එනමුත් සෑමවිටම පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් සමාගමක් ලෙස දීප ව්‍යාප්ත සේවා හා අමතර කොටස් ජාලය මෙන්ම පැය 24 පුරා ක්‍රියාත්මක අලෙවියෙන් පසු කඩිනම් සේවාව යන අංශ කෙරෙහිද විශේෂ අවදානයක් යොමු කිරීමට අපට හැකි විය.
කෝවිඩ් 19 ව්‍යාප්තිය මධ්‍යයේ වුවද මෙරට වෙළඳපොළ ක්‍රමිකව විවෘත වීමේදී KUV100 මෝටර් රථ මාදිලියට රට තුළ සැලකිය යුතු ඉල්ලුමක් තිබූ බව දක්නට ලැබුණි. මේ හේතුවෙන් මහේන්ද්‍රා අයිඩියල් ලංකා සමාගම (MILPL) මේ වන විට ඉහළ යන වෙළඳපොළ අවශ්‍යාතවට සරිලන පරිදි මෙම මාදිලියේ නිෂ්පාදන ධාරිතාව ද පුළුල් කොට ඇත.
KUV100 NXT මෝටර් රථය ඊටම අනන්‍ය වූ ලක්ෂණ රැසකින් සමන්විත වන අතර බල සහ අධිතාක්ෂණික විශේෂාංග ගණනාවක් ද මීට ඇතුළත් වන නිසා මෙම මෝටර් රථ පන්තියේ ප්‍රමුඛතම මාදිලිය බවට පත්ව ඇත. එමෙන්ම ශ්‍රී ලාංකික පාරිභෝගික විශ්වාසය නොඅඩුව දිනා ගනිමින් කෙටි කලක් තුළ මෝටර් රථ 1000 අලෙවි කඩඉම පසු කරන්නට KUV100 NXT රථයට හැකි වීමත් මෙරට පාරිභෝගියන්ගේ උණුසුම් ප්‍රතිචාරයත් අයිඩියල් මෝටර්ස් සහ මහේන්ද්‍රා සමාගම ඉතා අගය කොට සලකයි.
KUV100 NXT
ආරක්ෂාවට මෙන්ම කැපී පෙනෙන විශේෂාංගයන්ට මුල් තැනක් දුන් KUV100 NXT රථය පාරිභෝගියන් වෙත “ජීවිතයේ සීමාවන් ඉක්මවන” අත්දැකීමක් සමීප කරවීම වෙනුවෙන් හඳුන්වා දුන් මෝටර් රථයකි. SUV වෙත පිවිසුම් මෝටර් රථයක් ලෙස හඳුන්වා දිය හැකි මෙය අධි ක්‍රියාකාරීත්වයෙන් යුතු 1200cc mFalcon එන්ජිමකින් සමන්විත අතර 5500 RPM හිදී 82 bhp ක්‍රියාකාරීත්වයක් සනිටුහන් කරයි. ආසන 5කින් සමන්විත මෙම රථය කුඩා පවුලකට හෝ වෘත්තිකයෙකුට ඉතා හොඳින් ගැලපේ. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් 170mm ක් වූ මෙහි 15” ඩයමන්ඩ් කට්, ටූ ටෝන් ඇලෝයි වීල් සහ ශක්තිමත් ක්‍රීඩාශීලී පෙනුමකින් යුක්තය. ඉලෙක්ට්‍රොනික් පවර් ස්ටියරින් සහ සුවිශේෂී පාලන පද්ධතිය නිසා කුමන තත්ත්වයක් යටතේ වුවත් වඩාත් සුවපහසු පැදවීමක් සහතික කරයි. KUV 100 NXT විශේෂාංග අතර ටච් ස්ක්‍රීන්, බ්ලූටූත් සම්බන්ධතාව මෙන්ම ආරක්ෂාව සඳහා වැඩි දියුණු කළ ද්විත්ව එයාර් බෑග් සහ ABS ද ඇතුළත් වේ.
KUV 100 NXT දීප්තිමත් සුදු, රතු, කළු සහ රිදී යන වර්ණවලින් ලබා ගත හැකි අතර වගකීම වසර 3ක් හෝ කිලෝමීටර් 100,000කි.
අයිඩියල් සමූහය ගැන බිඳක්
දශකයකට අධික කාලයක් පුරා දේශීය රථවාහන ක්ෂේත්‍රයේ මෙන්ම පසු-විකුණුම් සේවා සැපයීම අතින් කැපී පෙනෙන මෙහෙවරක නිරත වන අයිඩියල් සමූහය යනු මෙරට ප්‍රමුඛතම සමාගම් අතර සිටින සැබෑම ශ්‍රී ලාංකික සමාගමකි. 1000කට අධික සාමාජික පිරිසක් මෙන්ම රු. බිලියන 20කට අධික වාර්ෂික පිරිවැටුමක් සහිත අයිඩියල් සමූහය, වාහන එකලස් කිරීම, ආනයනය සහ බෙදාහැරීම මෙන්ම විවිධ මාදිලිවල අමතර කොටස් අලෙවිය හා අලෙවියෙන් පසු සේවාවවන් සැපයීම ද සිදු කරයි.
අයිඩියල් සමූහය මහේන්ද්‍රා මෝටර් රථ සහ මෝටර් සයිකල් සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් අලෙවි නියෝජිතයා ද වේ. එපමණක් නොව ඉන්දියාවේ මෝටර් රථ නිෂ්පාදනයේ දැවන්ත සමාගමක් වන Mahindra and Mahindra සම හවුල්කාරීත්වයෙන් වැලිපැන්න ප්‍රදේශයේ ඉදිකළ ශ්‍රී ලංකාවේ “ප්‍රථම වාහන එකලස් කිරීමේ හා නිෂ්පාදනය කිරීමේ අංගනය” ද මෙහි තවත් එක් සුවිශේෂී පියවරකි.
සේවාව පළමුවෙන් යන පිළිවෙත අනුව යමින් මේ වන විට ශ්‍රී ලංකාවේ රථවාහන ක්ෂේත්‍රය තුළ දැවැන්ත පිය සටහනක් තබන්නට අයිඩියල් සමූහයට හැකි වී ඇත්තේ මෙරට එකම මහේන්ද්‍රා බලයලත් අලෙවි හා සේවා නියෝජිතයා වීමත් දීප ව්‍යාප්ත ප්‍රදර්ශනාගාර හා සේවා ජාලය හේතුවෙනි.
මහේන්ද්‍රා ගැන බිඳක්
1945 ආරම්භ කරනු ලැබූ මහේන්ද්‍රා සමූහය මේ වන විට රටවල් 100කට අධික ප්‍රමාණයක් පුරා පැතිර ගිය, සේවකයන් 260,000කින් සමන්විත සුවිසල් බහුජාතික සමාගමකි. කෘෂි උපාංග නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු ලෙසින් මෙන්ම උපයෝගීතා වාහන, තොරතුරු තාක්ෂණ සහ වාණිජ සේවාවන් සැපයීමෙන් හා ඉන්දියාවේ විශාලතම ට්‍රැක්ටර් සමාගම වශයෙන් ද මහේන්ද්‍රා සන්නාමය කැපී පෙනෙයි. මීට අමතරව පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකර්මාන්තය, භාණ්ඩ ප්‍රවාහන, සත්කාරක සහ දේපළ වෙළඳාම් යන අංශයන්හි ද මහේන්ද්‍රා සිය දායකත්වය දක්වා ඇත.
මහේන්ද්‍රා සමූහය ESG තේමා ත්‍රිත්වය කෙරෙහි සේම ග්‍රාමීය ආර්ථිකය සාරවත් කිරීම හා නාගරික ජීවන රටාවන් නැංවීම යන කරුණු කෙරෙහි ද නිරන්තරයෙන් අවදානය යොමු කරනු ලබන සමාගමකි. සමාජයේ සහ හවුල්කාර පාර්ශවවල ධනාත්මක වෙනසක් ඇති කරමින් ඔවුන්ට නැඟී සිටීමට අවශ්‍ය ශක්තිය සැපයීම සමාගමේ මූලික ඉලක්කයකි.
ඡායාරූපය
අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම, අයිඩියල් ව්‍යාපාර සමූහයේ උප සභාපති අරවින්ද ද සිල්වා, ඉන්දියාවේ මහේන්ද්‍රා ඇන්ඩ් මහේන්ද්‍රා සමාගමේ දේශීය ප්‍රධානී සහ සාමාන්‍යාධිකාරී ප්‍රශාන්ත්  කීනි යන මහත්වරුන් විසින් 1000වැනි KUV 1000වැනි මෝටර් රථය ටී. එස්. ආර්. පීරිස් මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙත බාරදුන් අයුරු ඡායාරූපයෙන් දැක්වේ.