පාස්කු ප්‍රහාරයේ මෛත්‍රීගේ ෆයිල් උඩ යයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන වූ වාර්තා සකස් කිරීමේදී හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධ වාර්තාවන් උඩට ගෙන එමින් පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ www.srilankantimes.com කළ සොයා බැලීමකදී අනාවරණය විය.
මේ වන විට රජය සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මකව මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරගෙන යන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වුවද රජයට ගැටලුවක් නැති බැවින් මෙම වාර්තා උඩටම ගෙනවිත් පරීක්ෂණ අවසන් කිරීමේ වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.