ඩෙස්මන්ඩ් ද සිල්වා ඕස්ට්‍රේලියාවේ සිට යළිත් නොඑයි

බයිලා කලාවේ ප්‍රවීණ ගායන ශිල්පියෙකු වූ ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා හදිසියේ ඇතිවූ හෘදයාබාධයකින් මියගොස් ඇති අතර ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචිව සිටි සිල්වා මහතා මියයන විට 77 හැවිරිදි වියේ පසුවිය.

ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා දශක 4කට අධික කාලයක් මෙරට බයිලා කලාවේ රජු ලෙස විරුධාවලිය ලත් සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සටහනක් තැබු ගායකයෙකු ලෙසද සැලකෙයි.

චුඩාමාණිකේ, යමන් බන්ඩෝ වෙසක් බලන්න, සුමිහිරි පානේ, පොල්කටු හැන්දේ මිට වගේ යනාදි ගීත ප්‍රේක්ෂකයින් අතර වඩාත් ආකර්ෂණයට ලක්වු ඔහු ගායනය කරන ලද ගීත නිර්මාණ අතරින් කිහිපයක් ලෙසද සඳහන් කළ හැකිය.