ශ්‍රී ලංකාව අයිසීසී ලෝක ශූරතා ටෙස්ට් පිටියේ යළි පෙරමුණට

ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර ඊයේ (9දා) නිමාවූ සිව්වැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව විසඳීම හේතුවෙන් අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ යළි පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව ලැබී ඇත.

මේ දිනවල ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන ඕස්ට්‍රේලියා – එංගලන්ත අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය ඊයේ එසේ නිමා වුවද මේ වන විට තරග 3-0ක් ලෙස සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඉදිරියෙන් සිටී.
තවද මෙම තරගාවලියේ අවසන් සහ 5වැනි ටෙස්ට් තරගයද මේ මස 14දා ආරම්භ වීමට නියමිත අතර ඒ අනුව ලැබෙන ප්‍රතිඵලය මත සහ මෙම ටෙස්ට් ශූරතාවලියට අදාළව පැවැත්වෙන අනෙක් තරග ප්‍රතිඵල ශ්‍රී ලංකාව දැන් සිටින ස්ථානයට බලපෑමක් විය හැකිය.
එනම් මේ දිනවල බංගලාදේශය නවසීලන්තය සමඟත් ඉන්දියාව දකුණු අප්‍රිකාව සමඟත් තරග වදිමින් සිටී.
එසේම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන පෙබරවාරි මස 25දා ඉන්දියාවේ බැංගලෝර් හිදී ආරම්භවීමට නියමිතය.