පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවීමට ඉඩහැරියාද මට සැකයි – කාදිනල් රංජිත් හිමිපාණන් යුරෝපයටම කියයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවීමට ඉඩහැරීම එවකට පැවැත්වීමට නියමිතව තිබූ මැතිවරණයේදී ජනතා
ඡන්දය ලබාගැනීම ඉලක්ක කරගනිමින් සිදුකළ දෙයක් දැයි සැක සහිත බව අගරදගුරු අතිඋතුම් මැල්කම්
කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන පිළිබඳව සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ පැවති සම්මන්ත්‍රණයකට
එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවල වත්මන් ප්‍රගතිය පිළිබඳ යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්
දැනුවත් කිරීමේ සම්පන්ත්‍රණයක් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ
ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පසුගිය දා පැවැත්වුණි.
අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,එහිදී අදහස් දක්වමින් වැඩිදුරටත් මෙසේ පැවැසූහ.

“නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ව අත්අඩංගුවට ගත්තේ සහරාන්ව අත්අඩංගුවට ගන්න වරෙන්තුවක්
අරන් තිබියදීමයි.ඒක පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාවෙ පැහැදිලිවම තියෙනවා, ජනාධිපතිවරණය
ඉලක්ක කරගෙන රට තුළ බියක් හා අවිනිශ්චිතතාවයක් ඇති කරන්න අරමුණු කරගෙන ලැබුණු බුද්ධි
තොරතුරු මත කටයුතු නොකළා දැයි සොයා බලන්න වැඩිදුර පරීක්ෂණ සිදුකළ යුතුයැයිද නිරීක්ෂණය කරයි
කියලා. මුස්ලිම් අන්තවාදින් මේක සුදානම් කළ බව ඇත්ත. නමුත් ඒකෙ තොරතුරු දැන දැන වසන් කරමින්
ජනතා ඡන්දය ලබාගන්න ප්‍රහාරය වෙන්න ඉඩ දුන්නා කියා පේන්න තියෙනවා. ප්‍රහාරය සම්බන්ධයෙන්
60%ක වගකීම තියෙන්නේ ඔන්න ඔය නිලධාරීන් සහ දේශපාලකයින් අතේ. මෙහෙ පාලනතන්ත්‍රයේ ඉන්න
අය මේක යට ගහන්නමයි හදන්නේ. මේවා විමර්ශනය කරලා තොරතුරු එළියට ගන්න මේ අය කැමති
නැහැ.”