මාකඳුරේ මධූෂ් මරුට

ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ් කොළඹ මාළිගාවත්ත ප්‍රදේශයේදී අද උදෑසන (20 වැනිදා) ඇතිවූ වෙඩි හුවමාරුවකදී ජිවිතක්ෂයට පත්ව තිබේ. ඒ අනුව මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ සඟවා තිබු හෙරොයින් තොගයක් සොයා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් විසින් මාකදුරේ මධුෂ්වද කැටිව එම ස්ථානයට ගොස් සිටියදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සමග වෙඩි හුවමාරුවක් ඇතිව තිබෙන අතර එහිදී ඊට මැදිවූ මාකඳුරේ මධුෂ් ජිවිතක්ෂයට පත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටී.
එහිදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් දෙදෙනෙකුද වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති අතර සිද්ධියෙන් පසු සිදුකළ සෝදිසියකදී රුපියල් කෝටි 22ක් වටිනා හෙරොයින් මත්කුඩු කිලෝ 22ක්ල පිස්තෝල දෙකක් සහ යතුරුපැදියක් පොලිසිය විසින් සොයා ගෙන තිබේ.