මාලිංග අපිට ගොඩක් වැදගත් – දසුන් ශානක

ලෝක කුසලාන තරගාවලියට කී‍්‍රඩා කළ කණ්ඩායමට සමාන කණ්ඩායමක් ඔස්ටේ‍්‍රලියාව සමගින් කි‍්‍රයාත්මක තරගාවලියේදීත් කී‍්‍රඩා කිරීමට නියමිත බවත් ලසිත් මාලිංග වැනි ප‍්‍රවීණ කී‍්‍රඩකයෙකුගේ සහාය ලැබීම කණ්ඩායමට විශාල ශක්තියක් බවත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නායක දසුන් ශානක පවසයි. ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ  මාධ්‍ය හමුවක් අමතමින් දසුන් ශානක මේ බව කියා සිටියේය.

එළැඹෙන විස්සයි විස්ස තරගාවලියේදී ඔස්ටේ‍්‍රලියාවට එරෙහි ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරුවෙකු ලෙස හිටපු වේග පන්දු යවන කී‍්‍රඩක ලසිත් මාලිංග පත්කර තිබේ. එ් අනුව එ් පිළිබඳ ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට අදහස් දැක්වූ දසුන් ශානක ‘ඇත්තටම එ් ලැබෙන දැනුම සහ සහයෝගය ඉතාම විශිෂ්ටයි. එ් වගේ මට්ටමක ඉන්න කී‍්‍රඩකයෙකුගෙන් දැනුම අපිට ගන්න තියෙන එක ගොඩක් වටිනවා. අපේ පන්දු යවන්නන්ට කොහොමද එ් එ් අවස්ථාවලට මුහුණ දෙන්න ඕනේ කියන දේ ඔහුගෙන් ගන්න පුළුවන්. ඉතින් එවැනි කී‍්‍රඩකයෙක් කණ්ඩායමට පැමිණීම ඉතාම ශක්තියක්’ යැයි කියා සිටියේය.

ඔස්ටේ‍්‍රලියානු තණතීරු තුළ ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් යොදා ගැනීම ගැන අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා නායකයා ‘ඔස්ටේ‍්‍රලියා තණතීරු නිර්මාණය වෙන්නේ ගොඩක් වෙලාවට වේග පන්දු යවන්නන්ට. අපිට වාසි වෙන විදිහට කොහොමත් එ් තණතීරු නිර්මාණය වෙන්නේ නැහැ. ලෝක කුසලාන තරගාවලියේදී අපේ වේග පන්දු යවන්නෝ දෙන්නෙක් කී‍්‍රඩා කළා. දඟ පන්දු යවන්නෝ දෙන්නයි තුන් ඉරියව් කී‍්‍රඩකයෝ දෙන්නයි තමයි කී‍්‍රඩා කළේ. ඉතින් මේ තරගාවලියෙදිත් එ් වගේ කණ්ඩායමක් කී‍්‍රඩා කරවන්න තමයි බලාපොරොත්තු වෙන්නේ’ යැයි කියා සිටියේය.

2022 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය ඔස්ටේ‍්‍රලියාවේදී පැවැත්වීමට නියමිතව තිබේ. එ් අනුව එවන් වකවානුවක ඊට පෙර විස්සයි විස්ස තරග 5ක තරගාවලියක් සඳහා ඔස්ටේ‍්‍රලියාවට පැමිණීමට හැකිවීම තම කණ්ඩායමට වැඩි වාසියක් බව දසුන් ශානක කියා සිටියේය. එය පිතිකරුවන්ට සහ පන්දු යවන්නන්ට පෙර සූදානමක් විය හැකි තරගාවලියක් බවත් මේ තරගාවලිය තුළින් ඔස්ටේ‍්‍රලියානු තණතීරු තුළ කී‍්‍රඩා කළ යුතු ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි බවත් ඔහු කියා සිටියේය.