අයිඩියල් සමූහ ව්‍යාපාරයේ සමාරම්භක දිනය නිමිත්තෙන් කිලෝ වොට් 805 ක දැවැන්ත සූර්යබල පද්ධතියක්

අයිඩියල් ව්‍යාපාර සමූහයට අයත් වැලිපැන්න මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගමේ ස්ථාපිත කරන ලද කිලෝ වොට් 805 ක දැවැන්ත සුර්ය බල විදුලි පද්ධතිය ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතාගේ ජන්ම දිනය හා ව්‍යාපාර සමූහයේ සමාරම්භක දිනය යෙදෙන සැප්තැම්බර් පස්වැනිදා ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.

ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ නියුතු ව්‍යාපාරයක් කිලෝ වොට්ක 805 අති දැවැන්ත සුර්ය බල පද්ධතියක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමේ ප්‍රථම අවස්ථාවද මෙය වේ.

ඉන්දියාවේ මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා සමාගමේ දායකත්වයෙන් සහ අයිඩියල් ව්‍යාපාර සමූහය එක්ව ආරම්භ කරන ලද මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගම 2019 වර්ෂයේ දී කළුතර දිස්ත්‍රික්කයේ වැලිපැන්න ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් mahindra kuv100 මෝටර් රථය දේශීය කොටස් ද එකතු කරමින් මෙරට මෝටර් රථ එකලස් කිරීම ආරම්භ කරන ලදී.

මේ වන විට mahindra kuv100 මෝටර් රථය මෙරට පාරිභෝගිකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් වෙමින් පවතින අතර ඉදිරියේ දී මෙම කර්මාන්ත ශාලාව මගින් දේශීය කොටස් එකතු කර ගනිමින් මහින්ද්‍රා ට්‍රක් රථ ද මෙරටදී එකලස් කිරීමටද කටයුතු යොදා ඇත.

මීට අමතරව අයිඩියල් ව්‍යාපාර සමූහයේ සමාරම්භක දිනයේ දෙන සැප්තැම්බර් පස්ව්‍ වැනිදා ව්‍යාපාර සමූහයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් වැලිපැන්නේ පිහිටි මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගමේ දෙවන අදියර යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවට නලීන් වෙල්ගම මහතා විසින් මුල්ගල තබන ලදී. ලබන දෙසැම්බර් මාසය වන විට එම කර්මාන්තශාලාවේ වැඩ අවසන් කිරීමට නියමිත අතර එහි ද කිලෝ වොට් 500ක දැවැන්ත සුර්ය බල පද්ධතියක් ස්ථාපිත කිරීමට නියමිතය.

අයිඩියල් ව්‍යාපාර සමූහයට අයත් අයිඩියල් මෝටර්ස්, අයිඩියල් චොයිස් සහ අයිඩියල් ෆස්ට් චොයිස් ආයතනවල මීට ඉහතදී මෙම සූර්ය බල පද්ධති ස්ථාපිත කර තිබේ.

අයිඩියල් මෝටර්ස් සහ අයිඩියල් ෆස්ට් චොයිස් පුත්තලම ප්‍රදර්ශනාගාරය හා වැඩපොලේ රුපියල් මිලියන 6 ක ආයෝජනයෙන් කිලෝ වොට් 43ක්, නො.150, රත්මලාන වැඩපොලේ රුපියල් මිලියන පහක ආයෝජනයෙන් කිලෝ වොට් 40ක්, වැල්ලවත්ත ප්‍රධාන වාහන අංගනයේ රුපියල් මිලියන 5ක ආයෝජනයෙන් කිලෝ වොට් 33ක්, යක්කල අයිඩියල් මෝටර්ස් සහ අයිඩියල් ෆස්ට් චොයිස් ප්‍රදර්ශනාගාරය සහ වැඩපොලේ රුපියල් මිලියන 14ක ආයෝජනයෙන් කිලෝ වොට් 102ක්, රත්මලාන අයිඩියල් චොයිස් සුඛෝපභෝගී වාහන වැඩපොලේ රුපියල් මිලියන 55ක ආයෝජනයෙන් කිලෝවොට්. 407ක්, වැලිපැන්න මහින්ද්‍රා ලංකා සමාගමේ රුපියල් මිලියන 90ක ආයෝජනයෙන් කිලෝ වොට් 807ක්, නො. 60, රත්මලාන, අයිඩියල් මෝටර්ස් තාක්ෂණික පුහුණු මධ්‍යස්ථානය හා ප්‍රධාන ගබඩාවේ රුපියල් මිලියන 25 ක ආයෝජනයෙන් කිලෝ වොට් 237ක්ර, ත්මලාන නො. 75, අයිඩියල් මෝටර්ස් මහින්ද්‍රා ප්‍රධාන වැඩපොලේ රුපියල් මිලියන 15ක යෝජනයෙන් කිලෝ වොට් 105ක් හා රත්මලාන අයිඩියල් හෝල්ඩින්ග්ස් හි රුපියල් මිලියන 45ක ආයෝජනයෙන් කිලෝ වොට් 303 ක සූර්යබල පද්ධති ස්ථාපිත කොට ජාතික විදුලිබල පද්ධතියට එක්කර ඇත.

අයිඩිල්යා ව්‍යාපාර සමූහයට අයත් අයිඩියල් ග්‍රීන්ටෙක් සමාගම මගින් මෙම සියලුම සුර්යබල පද්ධති ස්ථාපිත කර ඇති අතර රුපියල් මිලියන 260 කට අධික මුදලක් ඒ සඳහා ආයෝජනය කර තිබේ. මෙමගින් මෙගාවොට් දෙකකට අධික, සූර්බයබල ශක්තියක් ජාතික විදුලිබල පද්ධතියට ලැබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලින් වෙල්ගම මහතා, මේ වන විට සමස්ත ලෝකයම පුනර්ජනනිය බලශක්තිය කෙරෙහි යොමු වෙමින් පවතිනවා.ශ්‍රී ලංකාවද ඒ කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන අතර ජාතික වගකීමක් ලෙස සලකා අයිඩියල් ව්‍යාපාර සමූහය පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි යොමු වීමට කටයුතු කරන ලදී. අපගේ දිවයින පුරා පිහිටි ප්‍රදර්ශනාගාර හා වැඩපොළවල් මේ වන විට පුනර්ජනනීය බලශක්තිය උත්පාදනය කෙරෙහි යොමුවී ඇති අතර එහි සන්ධිස්ථානයක් ලෙස වැලිපැන්නේ පිහිටි මහින්සද්‍රා අයිඩියල් ලංකා සමාගමේ ස්ථාපිත කිලෝ වොට් 805කින් සමන්විත අති දැවැන්ත සුර්ය බල පද්ධතිය හැදින්විය හැකි යැයි කියා සිටියේය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ නලීන් වෙල්ගම මහතා වැලිපැන්නේ පිහිටි මෙම කර්මාන්තශාලාවේ එක්රැස්වන වැසි ජලය පවා අපතේ නොයවා යළි භාවිතයට ගැනීමේ වැඩපිළිවෙළක් අප ක්‍රියාත්මක කර තිබෙනවා. එමෙන්ම මේ වන විට ලෝකය ලෝකයේ ක්‍රියාත්මක හරිත සංකල්පයට අනුගත වෙමින් මෙම කර්මාන්තශාලාව පුරා පැල රෝපණය කිරීමද මුල සිටම ක්‍රියාත්මක කර තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකාව ද ඇතුළු ව ලෝකය පුරා පැතිරී ඇති කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් අද වන විට රටක් විදියට අප ද විශාල අභියෝගයකට මුහුණ දී සිටිනවා. covid 19 වෛරසය නිසා රට වසා තැබුවත් අපගේ සියලුම සේවා ස්ථාන ක්‍රියාත්මක නොවුවත් සුර්ය බලශක්ති පද්ධති මගින් අවශ්‍ය විදුලිය උපදවා ජාතික විදුලිබල පද්ධතියට ලබා දීමට හැකියාව ලැබී තිබෙනවා.මෙවැනි අවස්ථාවක ව්‍යාපාරිකයෙකුට එය මහත් රුකුලක් වන අතර ඒ කෙරෙහි අනිකුත් ව්‍යාපාරිකයනුත් අවධානය යොමු කළ යුතු කාලය දැන් එළැඹ තිබෙනවා යැයි ද කියා සිටියේය.