අද මධ්‍යම රත්‍රියේ සිට පරිප්පු සහ සැමන් සඳහා උපරිම සිල්ලර මිලක්

අද (17 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පරිප්පු කිලෝ ග්‍රෑම් 1ක මිල රුපියල් 65ක උපරිම සිල්ලර මිලකටත් සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 100කට විකිණීමටත් ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබේ. ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද රාත්‍රියේ ජාතිය අමතමින් කළ ප්‍රකාශය අතරතුරදී මේ බව කියා සිටියේය.