යවන්න කළින් වාසුත් ඇමැතිකමෙන් යෑමේ සූදානමක් ! අරුන්දික ප්‍රනාන්දුත් යළි රාජ්‍ය ඇමැති පුටුවට

අද දිනයේ සිට අමාත්‍ය ධූරයේ කටයුතුවලින් ඉවත්ව සිටීමට තමන් තීරණය කළ බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පැවැසීය.
අද පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් විශේෂ ප්‍රකාශයක් කළ වාසුදේව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන මහත්වරුන්ට සාධාරණයක් ඉටුවන තුරු තමන් මේසේ අමාත්‍ය ධූරයේ කටයුතු වලින් ඉවත්ව සිටින බවයි.

මේ අතර රාගම වෛද්‍ය පීඨ ගැටළුව හේතුවෙන් ඉල්ලා අස්වූ අරුන්දික ප්‍රනාන්දු පොල්, කිතුල් සහ තල් වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස යළිත් දිවුරුම්දී තිබේ. රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාර පරිශ්‍රයේදී සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුව මඟින් ඔහු නිර්දෝෂී පුද්ගලයෙකු ලෙස නිගමනය කර තිබුණි.