ලෝක සංචාරක රූ රැජින කිරුළ ශ්‍රී ලංකාවේ නලීෂාට-දක්ෂතම හා ජනප්‍රිය සම්මානත් ඇයට

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක සංචාරක රූ රැජින 2021 (World of World Tourism) තරගයට සහභාගී වූ
නලීෂා බානු එම රූ රැජින ලෙස කිරුළු පැළඳුවාය.
මෙවර තරගය ඊයේ (28) පිලිපීනයේ පැවති අතර මෙම රූ රැජින තරගයට සහභාගී වූ රටවල් 30ක
තරඟකරුවන් අතරින් නලීෂා ප්‍රථම ස්ථානය දිනා ගත්තාය.
දෙවැනි ස්ථානය ඉක්වදෝරයට හිමි වූ අතර කැනඩාව තෙවැනි ස්ථානය හිමිකර ගත්තේය.මීට පෙර
ලෝක සංචාරක රූ රැජින තරගයේ තෙවැනි ස්ථානයක් පිනි පෙර ශ්‍රී ලංකාව හිමිකරගෙන තිබුණද
පළමු ස්ථානය දිනාගත් පළමු අවස්ථාව මෙය වේ.
කිරුළට අමතරව මිස් පොපියුලර් සහ මිස් ටැලන්ට් යන ඉසව් දෙකක් ද 22 හැවිරිදි නලීෂා බානු දිනා
ගත්තාය. අංගම්පොර සහ ගින්දර මුසු කළ රංගනය වෙනුවෙන් ඇය තරගයේ දක්ෂතම තරුණිය (Miss
Talent) ඉසව්වද දිනා ගත්තාය.