ක්‍රිකට්වලට නව කමිටුවක්

නව ක්‍රිකට් කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා නිර්දේශ කර තිබේ. ඒ අනුව එම කමිටුව මගින ක්‍රීඩකයින්ගේ සහ පුහුණුකරුවන්ගේ ප්‍රගතිය මෙන්ම ක්‍රිකට් වර්ධන කටයුතු අධීක්ෂණය කිරීමට නියමිතව ඇති බවට වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අවසන් වරට සහභාගී වූ ටෙස්ට් තරගාවලිය 2-0ක් වශයෙන් පරාජයට පත්වීමත් සමගම මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පරිහානිය සම්බන්ධයෙන් මහජන විරෝධතා පව මතු විය. ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයා සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප විසින් පසුගියදා විශේෂ සාකච්ඡාවක් පවත්වා ක්‍රිකට් සංවර්ධනයට ආයතනය යටතේ ක්‍රියාත්මක වන විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ.
අදාළ කමිටුව මගින් ක්‍රීඩා අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟවූ අරමුණු පූර්ණ ලෙස ක්‍රියාත්මත වන බවට සහතික කරමින් ක්‍රීඩකයින්ගේ සහ පුහුණුකරුවන්ගේ ප්‍රගතිය නිරීක්ෂණය නිරීමට නියමිතව තිබේ. මෙම විශේෂ කමිටුව ශ්‍රී ලංකා හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනකු සහ ආයතනික නායකයින් විසින් මෙහෙය වන බවට වාර්තා වේ. කෙසේ වෙතත් මෙම කමිටුවට පත්කර ඇති සාමාජිකයින් කවුරුන්ද යන්න මේ දක්වා අනාවරණය වී නොමැති අතර අරවින්ද ද සිල්වා, කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන සහ රොෂාන මහානාම යන හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් මෙම කමිටුවට නම්කර ඇති බවට ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අවසන් වරට සහභාගී වූ ටෙසට් තරග 8න් එක් තරගයක් පමණක් ජය ගැනීමට සහ එක් තරගයක් සමකර ගැනීමට සමත්වූ අතර තරග 6ක් පරාජයට පත් විය. එහිදී දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහිව ඉනිමක පරාජයන් දෙකක් සමගින් පිට පිට තරග 4ක්ම පරාජයට පත්විය.