නවසීලන්තය කොරෝනාවලින් නිදහස් වෙයි

අද සිට ක්‍රියාත්මක වන පරිදි කොරෝනා මර්දන නීතිරීති සියල්ල ඉවත් කිරීමට පියවර ගන්නා බව නවසීලන්තය අගමැතිනි ජසින්ඩා ආර්ඩන් නිවේදනය කළාය. ඒ අනුව සති දෙකකට අධික කාලයකින් එරටින් නව කොරෝනා ආසාදිතයකු වාර්තා නොවීම හේතුවෙන් නවසීලන්තය සියලු‍ කොරෝනා මර්දන නීති රීති ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
මේ අනුවඅද සිට නවසීලන්තය තුළ තවදුරටත් කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම අවශ්‍ය නොවන අතර මහා පරිමාණයේ රැස්වීම් පැවැත්වීමට බලපැවැත්වූ තහනම ද ඉවත් කෙරේ. එමෙන්ම නවසීලන්තය ඉකුත් මාර්තු මස 25 වැනිදා අගුලු‍ දැමීමත් සමගම වසා දැමුණු එරට සියලු‍ පාසල් හා සියලු‍ කාර්යාල නැවත විවෘත කෙරෙන අතර නවතා දමා තිබු මංගල උත්සව ,අවමගුල් හා පොදු ප්‍රවාහන සේවාවන් නැවත අගුලු‍ දැමීමට පෙර පැවති අයුරින් පැවැත්වීමට අවසර ලබා දෙනුයේ කිසිදු සීමාවකින් තොරව බව අගමැතිනි ආර්ඩන් කියා සිටී.