අතරමංව සිටි වෛද්‍ය සිසුන් නව දෙනා සොයා ගැනේ

පුදුකුඩිඉරිප්පු, මුත්තියන්කට්ටු රක්ෂිතයේ ගවේෂණ චාරිකාවක යෙදී සිටිය දී අතරමංව සිටි යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන් නව දෙනා අද (16) උදෑසන සොයා ගෙන තිබේ. මෙම සිසුන් 15 වැනිදා එම රක්ෂිතයේ අතරමං වී ඇති බවට බවට ලද තොරතුරක් මත ඔඞ්ඩුසුඩාන් පොලීසිය විසින් විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබිණි. පොලිසිය, ප්‍රදේශවාසීන් සහ යුද හමුදාවේ 64 වන බලසේනා මුලස්ථානයේ භට පිරිස්වල සහය ඇතිව මෙම සිසුන් නිරුපද්‍රිතව මෙසේ බේරා ගෙන තිබේ