ත්‍රස්තවාදයට සම්බන්ධ යැයි බදියුදීන්ගේ සොහොයුරාට එරෙහිව සාක්ෂි නෑ – රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ

ත්‍රස්තවාදයට ඍජු සම්බන්ධතාවක් ඇති බවට සාක්ෂි නොමැති බැවින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් මහතා නිදහස් කළ බව රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි. ඒ අනුව මේ සම්බන්ධයෙන් වන පරීක්ෂණ නතර කර නොමැති බවත්, ඉදිරියේ දී තවත් අය අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බවත් අද (06 වැනිද) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධව සැකපිට රියාජ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය අප්‍රේල් මාසයේදී අත්අඩංගුවට ගනු ලැබුණු අතර මාස 5කට පසු ඔහු නිදහස් කෙරිණි.