මන්ත්‍රීවරු කිසිවෙකුටත් කොරෝනා ආසාදනය වී නැහැ- පාර්ලිමේන්තුවේ පීසීආර් පරික්ෂණයෙන් තහවුරු වෙයි

පාර්ලිමේන්තු පරිශ්‍රයේ සිදු කෙරුණු පීසීආර් පරීක්ෂණ යටතේ ලැබුණු ප්‍රතිපල අනුව මන්ත්‍රීවරු කිසිවෙකුටත් කොරෝනා වෛරසය ආසාදනය වී නැතැයි වාර්තාවේ. ඉකුත් 13 වැනිදා සහ 15 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 32ක් සහ අනෙකුත් කාර්යාංශල අනුබද්ධිත කාර්යාංශල ආරක්ෂක අංශවලට අයත් 911 දෙනෙකුට පීසීආර් පරීක්ෂණ සිදුකර තිබේ. ඒ අනුව ඒ අතරින් මන්ත්‍රීවරුන් කිසිවෙකු ආසාදිත නොවන බවට තහවුරු වී ඇති අතර පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයට සහ අනෙකුත් කාර්යාංශවලට අයත් 5 දෙනෙකු, ආරක්ෂක අංශයට අයත් එක් අයෙකු, පාර්ලිමේන්තුවෙන් පිටත ආරක්ෂක කලාපයේ ආරක්ෂක කටයුතු සඳහා අනුයුක්ත 3 දෙනෙකු ද වශයෙන් 9 දෙනෙකු පමණත් කොරෝනා ආසාදිත බවට තහවුරු වී තිබේ.