එංගලන්තයේ නව වෛරසය මෙරටට එයි

එංගලන්තයේ නව කොවිඩ් වෛරස් ප්‍රභේදය මෙරටින්ද හඳුනා ගෙන තිබේ. එංගලන්තයේ සිට පැමිණ සිටි පුද්ගලයෙකු තුළින් මෙම නව වෛරසය හඳුනාගෙන ඇති බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥල විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
විදේශ රටවල සිට පැමිණෙන පිරිස් සම්බන්ධයෙන් විශේෂ අවදානය යොමු කරමින් සිදුකෙරුණු පරීක්ෂණවලදී එංගලන්තයේ සිට මෙරටට පැමිණ සිටි අදාළ පුද්ගලයා හඳුනාගෙන තිබේ.