පිල්ලෙයාන් නිදහස්

දෙමළ ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසෆ් පරරාජසිංගම් ඝාතන සිද්ධියට සැකපිට අත්අඩංගුවට පත්ව සිටි සිවනේස්තුරයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ව එම නඩුවෙන් නිදහස් කර තිබේ.
දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසින්ගම් 2005 වසරේ දෙසැම්බර් 25 වන දින රාත්‍රී දේවමෙහෙය අතරතුරදී මඩකලපුව ශාන්ත මරියා දේවස්ථානයේදී ඝාතනය කරන ලද අතර අදාළ ඝාතන සිදධියට සැකපිට පිල්ලෙයාන් වසර 4ක් පමණ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර පසුගිය නොවැම්බර් 24 වනදා ඔහුට ඇප හිමිවිය.
ඒ අනුව අදාළ නඩුව පසුගිය සදුදා (11 වැනිදා) මහාධිකරණයේදී මහාධිකරණ විනිසුරු ඩී. සුසයිදාසන් මහතා ඉදිරියේදී විභාගයට ගැණුනු අතර එහි තීරණය අද (13 වැනිදා) දැනුම් දුන්නේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තවත් සැකකරුවන් සිව්දෙනෙකුද අද නිදහස් කර තිබේ.