ගම්පහ ටියුෂන් පන්තියක සිසුවියන්ගේ නිරුවත වීඩියෝ කරයි

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික පන්තියක සිසුවියන්ගේ නිරුවත වීඩියෝ කිරීමේ සිද්ධියක් පොලිසියට වාර්තා වී තිබේ. මේ සම්බන්ධයෙන් හෙළිකරන යූ ටියුබ් වීඩියෝවක්ද අන්තර්ජාලයට මුදා හැර තිබේ. කෙසේ වෙතත් මෙතෙක් ඒ සම්බන්ධව නිසි ක්‍රියාමාර්ගලයක් ගෙන තිබෙනු දක්නට නොලැබීමද විශේෂත්වයකි.

උපකාරක පන්ති පවත්වන ස්ථානයක කාන්තා වැසිකිලියේ කැමරා සවිකර තිබියදී තම දියණිය ඇතුළු තවත් ගැහැණු දරුවන් පිරිසකට හසු වූ බවට දැරියකගේ මවක් චෝදනා කරයි.

ඇය වැඩිදුරටත් වැඩි දුරටත් සඳහන් කරන්නේ මෙම කැමරා සවි කිරීම කලක් තිස්සේ සිදුකරගෙන ගොස් ඇති බවට සැක පවතින බැවින් දරුවන් ඉතා පීඩාකාරී තත්ත්වයකට පත්ව ඇති බවයි.