දමිල ප්‍රගිතිශිලි සන්ධානයෙ උප සභාපති හැටියටත් , කදුරට ජනතා පෙරමුණේ නායකයා හැටියටත් මම ඒ තිරණය ගන්නවා – රාධාක්‍රිෂ්ණන්

කැබ්නට් මණ්ඩලය මේ රටට හොද දෙයක් කරනවානම් එයට තමන්ගේ පුර්ණ සහයෝගය ලබාදෙන බව කදුරට ජනතා පෙරමුණේ නායක ,දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ උප සභාපති සහ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වි. රාධාක්‍රිෂ්ණන් මහතා පවසයි.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් රාධා ක්‍රිෂණන් මන්ත්‍රිවරයා ඊයේ (24) ඒ බව ප්‍රකාශ කළේය.

මෙහිදි වැඩි දුරටත් මාධ්‍යයට අදහස් දැක් වු වි.රාධා ක්‍රිෂ්ණන් මන්ත්‍රිවරයා,

“අද මේ රටේ ජනතාව පිලිගෙන තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතා තමයි මේ රටේ ජනාධිපති කියලා, එතුමාමේ දවස් කිහිපය තුල කරපු වැඩ අපි අගය කරනවා.කැබිනට් මණ්ඩලය හොද දෙයක් මේ රටට කරනව නම් අපි එ අයට සහයෝගය ලබා දෙනවා.

වතුකරයේ ජනතාවට හොද අනාගතයක් ලැබෙන්න ඕනි කියලා අපි ප්‍රාර්ථනා කරනවා.වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් , ඒ අයගේ පහසුකම් ලබා ගන්න කටයුතු කරන්න රජයට සහයෝගය දෙන්න අපි සුදානම්.

අපි එක්සත් ජාතික පක්ෂයත් එක්ක තමයි කටයුතු කරන්නේ, තව අවුරුදු පහකට මේ රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා , දැන් ක්‍රියාත්මක වෙන්නේ එතුමාගේ යෝජනා ,

ඒ යෝජනා අතර හොද දෙයක් තියෙනව නම් අපි සහයෝගය දක්වන්න කැමති. කවුරු හරි හොදක් කරනව නම් එකට සහයෝගය දෙන එක මට ගැටළුවක් නෑ,

දමිල ප්‍රගිතිශිලි සන්ධානයෙ උප සභාපති හැටියටත් , කදුරට ජනතා පෙරමුණේ නායකයා හැටියටත් මම ඒ තිරණය ගන්නවා.ඉදිරියේදි පැවැත්වෙන මහ මැතිවරණයේදි අපි  එක්සත් ජාතික පක්ෂය සමග තමයි තරග කරන්නේ,

දමිල ප්‍රගිතිශිලි සන්ධානය සමග එකට ඉන්නවා.රු දහස වැටුප හම්බෙනව නම් වතුකරයේ ජනතාව කැමති, ගෝඨාභය රාජපක්ෂ මහතා රු දහස ක් ලබා දෙනව නම් වතුකරයේ ජනාතාව එතුමාට සහයෝගය ලබා දෙයි.

රුපියල් දහසේ ප්‍රශ්නය අවුරුදු පහක් පමණ ඇදගෙන එන ප්‍රශ්නයක්, රුපියල් දහස ලබා නොදුන්නේ නම් ඉදිරියේදි පැවැත්වෙන මහමැතිවරණයේදි වතුකරයේ ජනතාවගෙන්  ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට  ප්‍රශ්නයක්වෙයි”