තිරිඟු කියා ඉන්දියාවෙන් කෝටි එකහමාරක කහ ගෙනල්ලා

තිරිඟු‍ පිටි ගෙනෙන මුවාවෙන් නීති විරෝධී ලෙස ඉන්දියාවෙන් සිට මෙරටට ආනයනය කළ රුපියල් කෝටි එකහමාරක් පමණ වටිනා කහ කුඩු කිලෝග්‍රෑම් 7,500 ක් රේගු අවදානම් කළමනාකරණ ඒකකය විසින් ඊයේ (04දා) අත්අඩංගුවට ගෙන ඇත. මෙම භාණ්ඩ තොගය තිරිඟු‍ පිටි කිලෝග්‍රෑම් 19,350 ක් ලෙස රේගුවට ප්‍රකාශ කරමින් ආනයන කර ඇති අතර, එහි ප්‍රකාශිත වටිනාකම රුපියල් කෝටි එකහමාරක් බව රේගු ප්‍රකාශ කර සිටී.
මේ සම්බන්ධයෙන් සිදු කළ රේගු පරීක්ෂණයේදී කහ කුඩු කිලෝග්‍රෑම් 7,500 ක් සහ තිරිඟු‍ පිටි
කිලෝග්‍රෑම් 11,850 ක් රේගු අවදානම් කළමනාකරණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.