එංගලන්ත කණ්ඩායමේ සම්බන්ධීකරණ නිලධාරී තනතුරට චිත්‍රාල් මෙන්ඩිස් වෙනුවට යුද හමුදා මේජර්වරයෙක්

ශ්‍රී ලංකාවට එරෙහි තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායමේ සම්බන්ධීකරණ නිලධාරී (liaison officer) තනතුරට චිත්‍රාල් මෙන්ඩිස් වෙනුවට යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ මේජර්වරයෙකු පත් කර ඇතැයි වාර්තා වේ.
මීට පෙර එංගලන්ත කණ්ඩායමේ සම්බන්ධීකරණ නිලධාරී තනතුරට අත්දැකීම් බහුල චිත්‍රාල් මෙන්ඩිස් මහතාව පත් කර තිබුණි. කෙසේ වෙතත් වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුව කොළඹට කැඳවීමට තීරණය කර තිබූ බවට පසුව අනාවරණය විය.
ඊට හේතුව ලෙස වාර්තා වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරගාවලි සංවිධාන කළමනාකරු ට්‍රැවිස් ප්‍රනාන්දු මහතා සමග ඔහු සමීප සබඳතා පවත්වා තිබීම හේතුවෙනි. ට්‍රැවිස් ප්‍රනාන්දු මහතාට කොවිඩ්-19 ආසාධනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙරේදා (03දා) නිල වශයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේය.
මේ අතර මෙම මස 08 වැනිදා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංණයට පැමිණීමට නියමිතය.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය මෙම මස 14 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංණයේදී පැවැත්වීමට නියමිතය.