සාමාන්‍ය පෙළ විභාගය කල් යයි

ලබන ජනවාරි මස 18 වන දින ආරම්භ වීමට නියමිතව තිබු අපොස සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට තීරණය කර තිබේ. රටේ පවතින තත්ත්වය යටතේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් සියයට 50ක් පමණ පිරිසකට මේ වන විට අධ්‍යාපන කටයුතු සිදුකිරීමට නොහැකි තත්ත්වයක් අද්ගතව ඇති හෙයින් මෙම පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරීස් මහතා පවසයි.
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනාවාරි මස 18 වන දින සිට 27 වන දින දක්වා පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණි.