ඉන්දියාවේ කොරෝනා රෝගීන් ලක්ෂ තුන පන්නයි

මේ වන විට කොරෝනා වසංගතය ශීග‍්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඉන්දියාව තුළ ගෙවි ගිය අවසන් පැය 24 ඇතුළත කොරෝනා රෝගීන් දස දහසක් (10000) ක් හමු වු බව ඉන්දියාවෙන් වාර්තා වේ. ඒ අනුව ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවා ගොස් ඇතැයි වාර්තා වේ.
ඉන්දියාවේ බොහෝ ප‍්‍රදේශ තවමත් ‘ලොක් ඩවුන්’ කර තිබුණද විවෘත කර ඇති ප‍්‍රදේශවලින්ද කොරෝනා රෝගීන් හමුවීමෙන් ඉන්දියානු රජය දැඩි අපහසුතාවකට ලක්ව සිටියි. අවසන් පැය 24 දී කොරෝනා රෝගය නිසා 396 දෙනෙකු මිය ගොස් තිබේ.
කෙසේ වෙතත් ඉන්දියාවේ කොරෝනා රෝගයෙන් මිය සමස්ත සංඛ්‍යාව 8498 ක් වශයෙන් සටහන් වේ. ඉන්දියානු රජය විසින් ලබාදී ඇති සෞඛ්‍ය ආරක්ෂක ක‍්‍රම ඇතැම් පිරිස් විසින් උල්ලංඝනය කිරීම, දෛනික ජීවනෝපාය පවත්වා ගැනීමට නොහැකි වීම යන කරුණු මුල් කරගනිමින් එරට කොරෝනා ව්‍යාප්තිය වැඩි වී තිබේ.