‘‘රෑට හරි දවල්ට හරි ජනතාවගේ දෙපතුල ළඟට එනවට කැමැති නැද්ද’’ – සජිත් පේ‍්‍රමදාස

රෑට හරි දවල්ට හරි ජනතාවගේ දෙපතුල ළඟට ගොස් සේවය කරන්නේ නම් ඔවුන් කැමැති බව සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස පවසයි. මහ මැතිවරණය සම්බන්ධව පැවැති රැුස්විමකදී ඔහු ඒබ ව සඳහන් කරමින් වැඩිදුරටත් එසේ පැවසීය.
‘‘සමගි ජනබලවේගයේ අපි දුරකථනයෙන් ඉදිරිපත් වෙලා මේ කරන්නේ මහා ජාතික වගකීමක් සහ යුතුකමක්. අපි තමයි පොදුජනතාවගේ හදගැස්ම හඳුනන දහඩිය සුවඳ හඳුනන එකම දේශපාලන පක්ෂය. මම ජනාධිපතිවරණය කාලයේදී කිව්වා පොදු ජනතාවගේ දෙපතුල ළඟට ඇවිල්ලා සේවය කරනවා කියලා. ඒ කතාවට විහිළු කරලා විකෘති කරලා කිව්වා අන්න සජිත් රෑට රෑට ගෙවල්වලට එන්න හදනවා කියලා. අද මොකද්ද යථාර්තය. දැන් අපේ මිනිස්සුන්ට රෑට වුණත් කමක් නෑ දවල්ට වුණත් කමක් නෑ දෙපතුල ළඟට ඇවිල්ලා සේවය කරනවනම්.’’
‘සත්‍ය දැන් ජයග‍්‍රහණය කරලා තියෙනවා. අවුරුද්දක්වත් ගියේ නෑ සත්‍ය ජයග‍්‍රහණය කරන්න. එදා සමච්චල් කළා. ජනතාවගේ දෙපතුල ළඟට ගොස් සේවය කරන්න කියලා මට ඉගැන්නුවේ මගේ පියානන්. ඒක නොවැම්බර් 16 වැනිදා එක එක ක‍්‍රමවේද හරහා විහිළු කළා. මම කිව්වා සහන දෙනවා කියලා. ඒත් නොවැම්බර් 16 වැනිදා ජනතාව මාව ප‍්‍රතික්ෂේප කළා. දැන් මොකද කියන්නෙ ජනතාව. කටේ තියෙන්නේ සහනය, සංවර්ධනය, සෞභාග්‍ය, සතුට. අද ජනතාව කැමැති වෙන්නෙ නැද්ද දෙපතුල ළඟට ඇවිල්ලා සේවය කරනවට.’ යනුවෙන් පේ‍්‍රමදාස මහතා පැවසීය.